by Staff writer 30-03-2019 | 10:18 PM
COLOMBO (News 1st) - ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට බැණ තර්ජනය කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
සංගමය පැවසුවේ, අප්‍රේල් පළමු වන දාට පෙර ඔහු සමාව නොගතහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඊයේ දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදුල්ල මහ රෝහලේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අදාළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සිය කාර්යාලයට කැඳවා නිලධාරීන් හා ප්‍රදේවාසීන් ද ඉදිරියේ බැණ තර්ජනය කළ ආකාරය යැයි පවසමින් හඬ පටයක් ද ඉදිරිපත් කළේ ය.
දෙමෝදර ප්‍රාදේශීය රෝහල මැදින් මාර්ගයක් ඉදිකිරීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කරන බවත් අදාළ නිලධාරිනිය ඊට අවසර නොදීම නිසා මෙලෙස බැණ වැදී ඇති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.
පසුගියදා දෙමෝදර ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයාගේ නිල නිවසට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඊට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ සිට වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් විය.
මේ වන විට දේමෝදර ප්‍රාදේශීය රෝහල වසා දමා තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, එහි වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව ඇති නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ය.
දෙමෝදර රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් මේ වන විට බදුල්ල මහ රෝහලට මරු කර යවා තිබේ.