ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 30-03-2019 | 6:23 AM

දේශීය පුවත්

1. තෙල් පිරිපහදුවේ ඕමාන ආයෝජකයා කවු ද?: මතභේදාත්මක හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව පිළිබඳ ඊයේදිත් පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් විය. 2. අවුරුදු කාලසීමාවේ විදුලිය විසන්ධි කරන්නේ නැහැ: සිංහල – දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කර තිබේ. 3. ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි: හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 4. ජනප්‍රිය පාසල් යන සම්මතය වෙනස් විය යුතුයි – ජනපති: ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 5. ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි: ප්‍රවීණ ගායන ශිල්පීනි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. 6. ආශු මාරසිංහ ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වේ: පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් පුවත්

7. වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුආන් ගුවයිඩෝට දේශපාලන තහනමක්: වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුආන් ගුවයිඩෝට වසර 15ක දේශපාලන තහනමක් පනවා තිබේ.