කංජිපානි ඉම්රාන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර

කංජිපානි ඉම්රාන් මාස 3ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

by Staff writer 30-03-2019 | 5:12 PM
COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් මාස 3ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ, සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් අනුමැතිය ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙකු සඳහන් කළේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීමට විරුද්ධ වන බව ය. කෙසේ නමුත් මහේස්ත්‍රාත්වරිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුගෙන් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර දුන්නා ය. මැයි මස 08 වන දා සැකකරු යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා ය.