by Staff writer 30-03-2019 | 7:10 AM
COLOMBO (News 1st) - මෙවර අයවැයේ ඇතැම් ඇස්තමේන්තු සිදුවී නොමැති බවත් තව ත් ඇස්තමේන්තුවල ගැටලු පවතින බවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ 2019 අයවැය සඳහා වූ වාර්තාවේ දැක්විය.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතායි.
උපයනවිට ගෙවන බදු, වැට් බදු එන්බීටී සහ තීරු බදු හරහා අපේක්ෂිත ආදායම රජයට ළඟා කරගත නොහැකි බව ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය.
මේ අතර මහාමාර්ග, මාර්ග සංවර්ධන, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ වැය ශිර්ෂය ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණු අතර ඊට පක්ෂව ඡන්ද 84 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.
විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණි.