"ගොවියාගේ දුක තේරුම් ගන්න බැරි රජයකින් වැඩක් නැහැ"

ගොවියාගේ දුක තේරුම් ගන්න බැරි රජයකින් වැඩක් නැහැ - හර්ෂ ද සිල්වා

by Staff writer 30-03-2019 | 9:03 PM
COLOMBO (News 1st) - ගොවි ජනතාවගේ දුක තේරුම් ගැනීමට නොහැකි රජයකින් ඵලක් නොමැති බව අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ශීතාගාර සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට අද දඹුල්ලේදි එක්වෙමිනි. ප්‍රභාෂ්වර කෘෂි දිවියේ නව්‍ය හැරවුම ලෙස මෙම වැඩසටහන නම් කොට තිබේ. මෙම ගබඩාව මෙට්‍රික් ටොන් 5000ක පමණ අතිරික්ත පළතුරු හා එළවළු අස්වැන්න වැඩි කාලයක් සුරක්ෂිතව ගබඩා කර ගැනීමට හැකි අයුරින් ඉදිකිරීමට නියමිත ය.