ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 29-03-2019 | 6:41 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය මීට ටික වේලාවකට පෙර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.

ඇය මිය යනවිට වයස අවුරුදු 76 කි. ශ්‍රීමා දිසානායක මහත්මිය අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මෑණියන් වේ. ඇය 1994 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිධූර අපේක්ෂිකාව ලෙස ද තරග වැදුණි.