ජනප්‍රිය පාසල් යන සම්මතය වෙනස් විය යුතුයි - ජනපති

ජනප්‍රිය පාසල් යන සම්මතය වෙනස් විය යුතුයි... - ජනපති

by Staff writer 29-03-2019 | 5:49 PM

COLOMBO (News 1st) - ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, - ළඟම පාසල - හොඳම පාසල - ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවූයේ සියලු පාසල්වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලු දරුවන්ට සමඅධ්‍යාපන අයිතීන් දිනා දීමට බවයි. පොළොන්නරුව, හතරඇල සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.