ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 29-03-2019 | 6:45 AM
COLOMBO (News 1st) දේශීය පුවත් 1. 2017/18 වසරවල ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවන ලද සුපිරි ගෙවීමක් පිළිබඳව කරුණු හෙළිවී තිබේ. ඒ අක්‍රිය තත්ත්වයේ පවතින චුන්නාක්කම් විදුලි බලාගාරය අයත් සමාගමට කරන ලද ගෙවීමක් පිළිබඳවයි. 2. කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේ විදුලි අර්බුදය විසඳීමට පියවර කිහිපයක් ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 3. මේ වනවිට රටේ පවතින විදුලි අර්බුදයට හේතුව රජය සාම්පූර්වල ස්ථාපනය කිරීමට නියමිතව තිබූ විදුලි බලාගාරය ස්ථාපනය නොකිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 4. අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වැය ශීර්ෂ කිහිපයක් සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය. 5. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙන බව පොලීසිය පවසයි. 6. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර තිබේ. 7. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරු හුවමාරු ගිවිසුමක් ඇති කර ගැනීමට අවධානය යොමුව තිබේ. විදෙස් පුවත් 8. බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් අතරතුර එහි සිටි ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.