හෙරොයින් ජාවාරමේ නිරත 4 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමේ නිරත 4 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 29-03-2019 | 10:25 AM
COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ හා මාතර යන පොලිස් බල ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන් සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 125කට අධික ය. ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය මංසන්ධියේදී හෙරොයින් ග්‍රෑම් 504යි මිලිග්‍රෑම් 540ක් සමග අත්අඩංගුවට ගත් 27 හැවිරිදි කාන්තාව මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය. මේ අතර මොණරාගල, දඹගල්ල, ඔබ්බේගොඩ ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 637ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 33 හැවිරිදි සැකකරු කටුපොත පදිංචිකරුවෙකි.