හෙට පැය 24 ක ජල කප්පාදුවක්

හෙට පැය 24 ක ජල කප්පාදුවක්

හෙට පැය 24 ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

29 Mar, 2019 | 4:17 pm

COLOMBO (News 1st) – හෙට (30) සෙනසුරාදා පෙරවරු 9.00 සිට පසුදා පෙරවරු 9.00 දක්වා පැය 24 ක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

විදුලිය විසන්ධි කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, අදාළ කාලය තුළ කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ද ජල සැපයුම අත්හිටුවන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]