ජපු'ර රෝහලේ සභාපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවයි

by Staff writer 29-03-2019 | 9:30 AM
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා දීමට එහි සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ. ඒ, එහි පොලිස් ඒකකය කළ දැනුම් දීමකට අනුව ය. මේ අතර ඔස්ට්‍රේලියාවෙන් මෙරටට කිරි ගවයින් ගෙන්වීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාව හා පිළිකා ඖෂධ මිලදී ගැනීමේදී සිදු වූ බව කියන වංචාව සම්බන්ධයෙන් අදත් සාක්ෂි විමසීම සිදු කරන බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය. කොමිසම පැවසුවේ, විදුලිබල මණ්ඩලයට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා ද කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ඊයේ පැය එකහමාරක ප්‍රකාශයක් ලබා දුන් බව ය.