තෙල් පිරිපහදුවේ ඕමාන ආයෝජකයා කවු ද?

by Staff writer 29-03-2019 | 9:28 PM

COLOMBO (News 1st) - මතභේදාත්මක හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව තවදුරටත් මෙරට කතාබහට ලක් වන ප්‍රධාන මාතෘකාවකි.

අද පාර්ලිමේන්තුවේදී ද කතාබහට ලක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩී.වී.චානක,
අද විශේෂයෙන්ම මම හිතන්නේ මෙතුමන්ලා කිව්වා ලංකාවේ ආපු විශාලතම ආයෝජනය හම්බන්තොටට ඔබතුමන්ලා ගෙනාවා කියලා. හැබැයි අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය දවසේ ඕමාන්වල අමාත්‍යවරයෙක් ඇවිලා මුල් ගල් තියලත් ගියා. හැබැයි ගරු අමාත්‍යතුමනි අපි අද වෙනකන් දැක්කේ නෑ කිසිම ආයෝජනයක් ගැන ඕමාන්වලින් හරි ඕමාන්වල ආයෝජකයෙක් හරි කිසිම කෙනෙක් ආයෝජනයක් කරනවා කියලා මේ සීයට තිහක් ගැන හෝ සීයට එකක් ගැනවත් කතාකරනවා අපි දැක්කේ නෑ. ඊයේ රොයිටර් පුවත් සේවය නැවත වතාවක් සම්මුඛ සාකච්චාවක් පවත්වනවා එකෝට් චෙයාමන් චෙස් ජගස් රාක්සන් කියන මේ පුද්ගලයා එක්ක.
උපාය මාර්ග සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම,
ගරු මන්ත්‍රීතුමා මේක ගැන
කථාකනායක,
පොයින්ට් ඔෆ් ඕඩර්
අමාත්‍ය මලික් සමරවික්‍රම,
කලබල වෙන්න එපා මමත් ඕක කියෙව්වා. හදිසි වෙන්න එපා හදිසි වෙන්න එපා. බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩී.වී.චානක,
හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ඇමතිතුමා මේ චෙයාමන්, මේ චෙයාමන්ම කියනවා තව අවුරුද්දක් යනවා පාර්ට්නස්ලා හොයා ගන්න. ඉතුරු 30 % ත් පාර්ට්නස්ලා විස්සක් තිහක් හොයා ගන්න ඕන කියලා. ඒකටත් අවුරුද්දක විතර කාලයක්. ඒවගේම මේ එකෝ චෙයාර්මන් කියනවා තාම කොන්දේසි ටිකවත් සාකච්චාකරලා නෑ. කොන්දේසි ටිකවත් සාක්ච්චා නොකර ඔබතුමන්ලා ගිහින් මුල් ගල් තිව්වම මොකද වෙන්නේ.එතකොට දන්නවා අනිවාර්යයෙන්ම මේ ප්‍රොජෙට් එක එන්නේ ඒ ගොල්ලන්ට කියලා. එතකොට මොකද්ද වෙන්නේ ඔබතුමන්ලාට ඒ කොන්දේසි නිගෝසියේට් කරන්න තියන හැකියාවන අඩු වෙනවා. කොහොමද ඇමතිතුමනි ඔබතුමන්ලා මේ තාම ෆයිනලයිස් වෙච්ච නැති ප්‍රෙජෙට් එකකට මුල් ගල් තියන්නේ. ඔබතුමා අද වෙනකන් කියන්න ඕමාන් සමාගම කියන්නකො ඔබතුමා පුළුවන් නම් සීයට තිහක් ආයෝජනය කරන
අමාත්‍ය මලික් සමරවික්‍රම,
මම ඉස්සෙල්ලම කිව්වා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මම ඉස්සෙල්ලම කිව්වා මේ ප්‍රොපෝසල් එක අපිට බී ඕ අයි එකට ලැබුණු විදියට තමයි අපි ඒක ප්‍රකාශ කෙරුවේ. ඒ ආයතනයේ අධ්‍යක්ෂකතුමයි ඔබතුමාම දැක්කා ඔමානේ ඇමතිතුමයි ඇවිල්ලා තමයි මුල් ගල් තිබ්බේ. දැන් ඕමානේ ඇමතිතුමා කබීර් ඇමතිතුමාටයි මටයි ආරාධනා කරලා තියනවා ඕමානෙට එන්න කියලා මැයි මාසේ හතරවෙනිදා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩී.වී.චානක,
මං අහන්නේ සාකච්ඡා මට්ටමේ නම් තියෙන්නේ ඇයි හදීස්සියේ ගිහිල්ලා මුල් ගලක් තිබ්බේ. ඊයේ නලීන් බණ්ඩාර ඇමතිතුමා ඇවිලා මාධ්‍ය හමුවකදී කියනවා මාස හයක් යනවා පරිසර වාර්තාව ගන්න කියලා. හැබැයි පරිසර වාර්තාවේ යම් කිසි ආකාරයට කිව්වොත් මේක සුදුසු නෑ කියලා ඔබතුමා මොකද්ද කරන්නේ. ගරු ඇමතිතුමනි ඒ වගේම අපි ඉතිහාසය දැක්කනේ වොක් වැගන් ගෙනල්ලා වොක්ස් වැගන්වලට මොකද වුනේ කියලා. දැක්කනේ එක එක ඇමතිවරු යයි අගමැතිවරු යයි මුල් ගල් තියයි හැබැයි අන්තිමට මොකද වෙන්නේ ඒකතමයි මේ හම්බන්තොටටත් වෙන්නේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩී.වී.චානක,
අඩුමගානේ ඔබතුන්ලාට මේ ආයෝජනය මුල් ගල් තිබ්බට තාම කියා ගන්න බෑ කව්ද ආයෝජකයා කියලා. මේ මහා බොරුවක් කරන්නේ. වොක්ස් වැගන් කියලා කෙරුවෙත් බොරුවක් මේ ආණ්ඩුව දිගින් දිගටම
අමාත්‍ය මලික් සමරවික්‍රම,
ගරු මන්ත්‍රීතුමා මෙතුමා වොක්ස් වැගන් එක ගැන කතාකෙරුවා දැන් ෆෝකස් වැගන් ආයෝජනය ගෙනාවේ ඒ පැත්තේ නාමල් රාජපක්ෂ මැතිතුමත් එක්ක හොඳ මිත්‍රයෙක්. අර ලොයර් සෙල්වනායගම් මෙතුමා ගිය ජනාධිපති මැතිවරණයේ හම්බන්තොට ඉඳලා තමයි මහින්ද රාජපක්ෂට වැඩ කෙරුවේ. අපේ යාළුවෙක් නෙමෙයි මෙතුමාගේ හොඳ යාළුවෙක්.