සා / පෙළ ජයගත් විශිෂ්ටයින් මෙන්න...

සා / පෙළ ජයගත් විශිෂ්ටයින් මෙන්න...

by Sagarika Chathumali 28-03-2019 | 10:00 PM
COLOMBO (News 1st) : කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ නිලන්කා දිසිවරී වරුෂවිතාන සිසුවිය 2018 - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගෙන තිබේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවියන් තිදෙනෙක් දෙවන ස්ථාන හිමිකර ගෙන තිබේ. කොළඹ විශාඛා බාලික විද්‍යාලයේ ගරසිංහ ආරච්චිගේ සවිති හංසදී ,ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි  සහ මාතර සුජාතා විද්‍යාලයේ කළු ආරච්චි කංකන්නාම්ගේ මින්දි රෙබෙකා එම සිසුවියන් තිදෙනායි. කෑගල්ල ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණි කඩුආරච්චි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ 5 වන ස්ථානය හිමි කර ගෙන සිටින්නී ය. මෙවර විභාග ප්‍රතිඵල අනුව සිසුසිසුවියන් 5 දෙනෙක් දිවයිනේ 6 වන ස්ථානය හිමිකර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර සමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 9 ටම ඒ සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9413 කි. අද රාත්‍රී නිකුත් කෙරුණු 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව හය ලක්ෂ 56,641 ක්.