සෙනසුරාදා ප්‍රදේශ රැසකට ජලය කැපේ

සෙනසුරාදා ප්‍රදේශ රැසකට ජලය කැපේ

by Staff writer 28-03-2019 | 4:48 PM
COLOMBO (News 1st) - ලබන 30 වන සෙනසුරාදා පෙරවරු 9.00 සිට පසුදා පෙරවරු 9.00 දක්වා පැය 24ක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. විදුලිය විසන්ධි කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, අදාළ කාලය තුළ කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ද ජල සැපයුම අත්හිටුවන බව ය.