විරෝධතාවක් නිසා කොටුව ප්‍රදේශයේ රථ වාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොටුව ප්‍රදේශයේ රථ වාහන තදබදයක්

by Staff writer 28-03-2019 | 4:31 PM
COLOMBO (News 1st) - පෙරටුගාමී පක්ෂය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොටුව ප්‍රදේශයේ රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සඳහන් කළේ ය. ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. අද පස්වරුවේ මරදාන ප්‍රදේශයෙන් ඔවුහු මෙම විරෝධතාව ආරම්භ කළහ.