by Staff writer 28-03-2019 | 10:32 PM
COLOMBO (News 1st) : 2017 / 18 වසරවල ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවන ලද සුපිරි ගෙවීමක් පිළිබඳව කරුණු හෙළිවී තිබේ.
ඒ අක්‍රිය තත්ත්වයේ පවතින චුන්නාක්කම් විදුලි බලාගාරය අයත් සමාගමට කරන ලද ගෙවීමක් පිළිබඳවයි.
අධිකරණ නියෝගටක් මත අක්‍රියා තත්ත්වයේ පසු වන මෙම බලාගාරය අයත් සමාගමට විදුලිබල මණ්ඩලය රු.බිලියන 1.1ක අසාන්න මුදල් ප්‍රමාණයක් ගෙවා ඇති බව හෙළි වී තිබේ.
මේ අතර මතභේදාත්මක හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදුව තවදුරටත් මෙරට කථාබහට ලක් වන ප්‍රධාන මාතෘකාවකි.
මේ අතර තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය කළ බව කියන සිංගප්පුරුවේ සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම තවමත් සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කළ සමාගමක් නොවන බව ද හින්දු පුවත්පත ඊයේ අනාවරණය කළේ ය.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ, ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ මෙවර මහ මැතිවරණ අපේක්ෂකයෙකු වන ජගත් රාක්ෂගන් මහතා ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකිනි.
ඇමරිකානු ඩොලර් බිලියන 3.85 මෙම මහා පරිමාණ ආයෝජනයට මුදල් ලැබෙන්නේ කෙසේ ද යන්න ද ප්‍රශ්නාර්ථයකි.
https://www.youtube.com/watch?v=zLM6ZXbbonQ