COLOMBO (News 1st) : මේ වනවිට රටේ පවතින විදුලි අර්බුදයට හේතුව රජය සාම්පූර්වල ස්ථාපනය කිරීමට නියමිතව තිබූ විදුලිබලාගාරය ස්ථාපනය නොකිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ, මේ අනුව ඉදිරියටත් විදුලි කප්පාදුව සිදු කිරීමට සිදුවනු ඇති බවයි.
"ඇත්ත වශයෙන් මේ කළුවර අපේ කාලේ විතරනේ ,මිනිස්සුන්ට කරදර නැති විදුලිය තිබ්බෙ ,දැන් ඇවිල්ලා අපේ අණ්ඩුව ආපු දවසේ ඉදලා ,ප්‍රශ්න ආවා.. මේක සම්පූරණයෙන්ම කළමනාකරණයෙන් තොර වැඩක් , වරදක් .රජය 2015 / 17 වෙනකෙට සම්පූර්වල හදන්නතිබිච්ච බලාගාරය හැදුවේ නෑ .ඒ බලාගාර අපේ කාලේ හදන්න නියමවෙලා තිබිච්ච බලාගාරත් හදලා තිබුනේ ණෑ. ඉතින් ඒකේ ප්‍රතිථලය තමයි අද මේ භුක්ති විදින්නේ .ඊට වඩා ඉදිරියට විදුලිය කපන්න වෙයි"
මේ අතර හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ, තමා සැලසුම් කළ පරිදි නොරොච්චෝලේ ඉදිරි කිරීම් සිදුවූවා නම්, අද මෙවන් අර්බූදයක් පැන නොනගින බවයි.
තවද හිටපු අමාත්‍යවරයා මෙම අර්බූදයට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බව ද හිටපු ජනපතිනිය වැඩිදුරටත් පැවසී ය.
"මම බොහොම තරහින් ඉන්නේ මේක දැකලා ,මගේ කාලේ බලාගාර ගොඩක් හැදුවා ,නොරොච්චොලේ බලාගාරයත් මුල්ගල්තියලා පටන් ගත්තෙ මම.හැබැයි අපි අත්සන් කරපු ඒ ගිවිසුම ඉරලා විසිකරලා රාජපක්ෂ ආණ්ඩුවෙන් අපි අත්සන් කරපු ගාන වගේ දෙගුණයක් වැඩියෙන් නොරොච්චෝලේ ආපසු ආයේ අත්සන් කලා ,වැඩිපුර ගාන කොහෙටද ගියේ කියලා කියන්න පුළුවන් හැබැයි මේවයින් කියන්න බෑ .නොරොච්චෝලේ අපි දුන්නෙ ඉතාමත් හොද කොම්පැනියකට චීනේ..., වැඩි කරල කොමිස් වැඩියෙන් ඉල්ලපු නිසා ,රජයේ හිටපු ලොක්කො ඒ කොම්පැනිය අකුලගෙන ගියා .ඊට පස්සෙ තුට්ටු දෙකේ චීන කොම්පැනයක් ගෙනල්ල ,මේ සැරේට තිස් අට වතාවක් නොරොච්චෝලේ කඩාගෙන වැටිලා තියෙනවා මේ අවුරුදු හය හතට හත් වතාවක් ගිනි අරගෙන තිබෙනවා.ඒ විදිහට තමයි ඒ අය කෙරුවේ .නොරොච්චෝලේ මම කරලපු විදිහට කෙරුවනම් අද මේ අහේනියක් නෑ.මේකට වග කියන්න ඔනේ පසුගිය හිටපු ඇමතිවරයා.."