බදුල්ලේ සංචාරක හෝටලයකින් විදේශිකයෙකු මුදල් සොරාගනී

by Staff writer 28-03-2019 | 6:53 AM

COLOMBO (News 1st) - බදුල්ල, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංචාරක හෝටලයකින් විදේශිකයෙකු මුදල් සොරාගන්නා අයුරු එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබේ.

විදේශිකයා අවහන්හලට පැමිණ හෝටලයේ කිසිවෙකුත් නොමැති වූහෙයන් අයකැමි සතුව තිබූ මුදල් ලක්ෂයක් පමණ සොරාගෙන ඇති බව වාර්තා විය. අප වාර්තාකරු පැවසුවේ, මේ පිළිබඳ අවනහලේ හිමිකරු බලංගොඩ සමනලවැව පොලීසියට පැමිණිලි කර ඇති බවයි. මේවනතෙක් අදාළ විදේශිය පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.