අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වෙයි

අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ පරාජයට පත්වෙයි

by Sagarika Chathumali 28-03-2019 | 7:55 PM
COLOMBO (News 1st) : අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ කිහිපයක් සහ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී අදාළ වැය ශිර්ෂ සඳහා ඡන්දය ඉල්ලා සිටියහ. ඒ අනුව අභ්‍යන්තර , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ 260 වන වැය ශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජයට පත් විය. මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජය කරන මන්ත්‍රීවරුන් ඉල්ලා සිටියේ, 261 සිට 279 දක්වාත් , 312 සිට 319 දක්වාත් හා 321 යන වැය ශිර්ෂ සඳහා යළි ඡන්ද විමසීමක් පවත්වන ලෙසයි. එම වැය ශිර්ෂ ඡන්දය ද වැඩි ඡන්ද 15 කින් පරාජයට පත්විය. ඉන් අනතුරුව බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සඳහා ද විපක්ෂ මන්ත්‍රීවරුන් ඡන්දයක් ඉල්ලා සිටි අතර එම අවස්ථාව වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 24 දෙනෙකු සභාවේ රැඳී සිටියහ. ඒ අනුව එම වැය ශිර්ෂ ඡන්දය 24 ට 38 ක් ලෙස පරාජයට පත්විය. https://www.youtube.com/watch?v=NtktCNkzgME