දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්

දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක්

by Staff writer 28-03-2019 | 9:56 AM

COLOMBO (News 1st) - දෙහිවල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මේ වන විට ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි. ඒ, දෙහිවල ගිනි නිවීම් ඒකකයේ සේවා රථ යොදා ගනිමිනි. ගින්නට හේතුව හෝ සිදු වූ අලාභය මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.