COLOMBO (News 1st): ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානී ඉම්රාන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදෙන බව පොලීසිය පවසයි.
එලෙස පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
එලෙස අත්අඩංගුවට ගැනුණු අනෙක් සැකකරුවන් වන්නේ, අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා, අමිල් සම්පත් සහ ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් යන අයයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, කංජිපානි ඉම්රාන් සහ අමිල සම්පත් යන සැකකරුවන් විමර්ශන නිලධාරීන් මගහරිමින් මාලදිවයින බලා පිටත්ව යාමට සූදානම්ව සිට ඇති බවයි.
කෙසේ වෙතත් ඊට පෙර මෙවුන් අද උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත්විය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක මාකදුරේ මධුෂ් සමග මෙමපිරිස ද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූයේ , පසුගිය පෙබරවාරි 5 වනදායි.
[caption id="attachment_187984" align="aligncenter" width="277"]

කංජිපානි ඉම්රාන්[/caption]
[caption id="attachment_187968" align="aligncenter" width="248"]

අමිල සම්පත්[/caption]
[caption id="attachment_187969" align="aligncenter" width="236"]

අනුෂ්ක කෞෂාල් (ජංගා)[/caption]
[caption id="attachment_187967" align="aligncenter" width="247"]

ඇන්ඩර්සන් ෆර්නැන්ඩස්[/caption]