ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 28-03-2019 | 6:13 AM

දේශීය පුවත්

1. ලිට්‍රෝ හිටපු අධ්‍යක්ෂ නීල් බණ්ඩාර චෝදනාවලින් නිදහස්: ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ පවරා ඇති නඩුවෙන් එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ. 2. හෙද හෙදියන්ගේ හසිදි අසනීපෙන්, අසරණ වූ රෝගීන්: ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ​සමිති ක්‍රියාමර්ගය හේතුවෙන් ඊයේ රෝහල් රැසක කටයුතුවලට බාධා ඇතිවිය. 3. රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය, පොලීසියේ තව ත් දෙදෙනෙක් භාරවෙයි: රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඊයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී තිබේ. 4. ජිනීවා වාර්තාවට අත්සන් තැබීම පිළි නොගන්නා බව ජනපති කියයි: මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සමවගකීම් දරමින් ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් තැබීම පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 5. CID ය නදීමාල් පෙරේරා මුදාහරී: ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායක නදීමාල් පෙරේරා මුදා හැර තිබේ.