"එදා දේශපාලකයා යනු අද හොරාගෙ සංඛේතයයි" - අනුර කුමාර

by Sagarika Chathumali 28-03-2019 | 8:47 PM
COLOMBO (News 1st) : වසර 40ක් තිසේසේ ජනතා අපේක්ෂ ඉටු කිරීමට පත් වූ රජයන් අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානයක පවසයි. දිසානායක මහතා අවධාරණය කරන්නේ,  පාලකයින්ගේ අපේක්ෂා හා ජනතා අපේක්ෂා අතර සමානතාවක් නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
"අවුරුදු 40ක් වනවා රටේ ජනතාව අපේක්ෂා කරන්නේ ප්‍රධාන කරුණු තුනක්. ආර්ථික වර්ධනය , ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස , වංචා දුෂණය නතර කරන්න. ඒකනේ අවුරුදු 40ක් සෙල්ලම් කාලයක් නෙවේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ ජනතාවගේ අපේක්ෂායි පාලකයින්ගේ අපේක්ෂායි දෙකක්"
ජනතා විමුක්ති පෙරමුණු නායකයා මෙම අදහස් පළ කළේ, පඩුවස්නුවර ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි. ඒ ඒ පාලකයින් සිය වංචා, දූෂණ වසා ගැනීමට ක්‍රියා කරන බවත් ජනතාවට හොරකමට එරෙහි නායකත්වයක් ඔවුන්ගෙන් අපේකෂා කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
"දැන් රනිල් මොකද කරන්නේ රනිල්ගේ හොරකම් වහන්න මහින්ද එන්න හදනවා. මං දැක්කා නුවර රැස්වීමක් තියෙනවා. හොරකම් නතර කරමු හොරු අල්ලමු . මහින්දගේ රැස්වීම . වේදිකාවේ ඉන්නේ කවුද මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන කෙහෙලිය රඹුක්වැල්ල විමල් වීරවංශ උදය ගම්මන්පිල ඔක්කොටම හයිකෝට් එකේ නඩු තියෙනවා. හොරකම් කරලා. ඒ නිසා යළි හොරකමට එරෙහිව රනිල්ගේ හොරකමට එරෙහිව යළි මේ රටේ ජනතාව මහින්ද අපේක්ෂා කරන්නේ නැහැ"
දිසානායක මහතා පවසන්නේ, එදා දේශපාලකයා යනු අද හොරාගේ සංඛේතය බවයි.
"රනිල්ගේ අසාර්ථක ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යළි ආර්ථික වර්ධනය වෙනුවෙන් රාජපක්ෂ අපේක්ෂා කරයි ද මේ රටේ ජනතාව අපේක්ෂා කරන්න එපා. මේ 2015 වැඩි කලායක් නැහැ. මතකද ආර්ථික වෙනස් කරපු විදිහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා ආර්ථික සංවර්ධන වෙනුවෙන් කවදුරත් වික්‍රමසිංහලාට හෝ රාජපක්ෂලාට පෙනි හිටින්න අයිතියක් නැහැ. එදා දේශපාලකයා කියලා කියන්නේ අද හොරාගේ සංඛේතය"