අර්බූදය සමනය කර ගැනීමට අගමැතිගෙන් අදහසක්

අර්බූදය සමනය කර ගැනීමට අගමැතිගෙන් අදහසක්

by Staff writer 28-03-2019 | 9:05 PM
COLOMBO (News 1st) : කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේ විදුලි අර්බුදය විසඳීමට පියවර කිහිපයක් ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, සෑම අමාත්‍යංශයකට ම බලශක්ති කළමනාකරුවෙකු පත්කීරම ඒ අනුව ගත් එක් තීරණයක් බවයි. "මේ රටේ තියෙන විදුලිබල අර්බුදය නිසා කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමාගේ යෝජනාව අනුව ඇමති කොමිටියක් පත්කලා ඒ කොමිටියෙන් පිවර අරගන්නවා. එවත් මං හිතන්නේ කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමෙන්තුවටත් දැණුම් දෙනවා. එතන ගත් එක තීරණයක් තමයි ගිය අවස්ථාවේ වාගේ හැම ආමාත්‍යාංශයටම බලශක්ති කළමනාකරුවෙක් පත්කරන්න"
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. තවද මෙම අවස්ථාවේ රාජ්‍ය ආයතන සිය විදුලි ජනන යන්ත්‍ර භාවිත කර විදුලි සැයපුම සිදු කරගන්නේ අර්බූදය තරමක් සමනය කර ගත හැකි බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ මෙලෙසිනි.
"විශේෂයෙන්ම අමාත්‍යාංශ යටතේ තියෙන දෙපාර්තමෙන්තු සංස්ථාගනනාවක විදුලිබල යන්ත්‍ර තිබෙනවා අන්න එහෙනම් ඒ විදුලිබල යන්ත්‍ර ක්‍රියාත්මක කරලා ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිබලය ගන්න එක තාවකාලිකව නවත්තන්න කියලා.උදාහරණයක් අරලියගහ මන්ධිරයේ වෙනම විදුලි ජනන යන්ත්‍රයක් තියෙනවා ඒ නිසා මම කිව්වා ඒ යන්ත්‍රයෙන් අරගන්න ජාතික විදුලිබල පද්ධතියෙන් නොගන්නා බවටත් අපි තීරණය කළා ඇත්ත වශයෙන්ම මෙක කරන්න තියෙන්නේ දවස් හතක් විතර මේ දවස් හතේ ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් අපිට විශාල ලෙස විදුලිබලය ඉතිරි කරගෙන විදුලිබලය කප්පාදුව පාලනය කරන්න පුලුවන් වෙනවා.ඊට පස්සේ ගන්න පියවර මං හිතන්නේ හෙටත් අගහරුවාදා කැබිනට් මණ්ඩලයේත් ඒ ඇමතිවරු දැනුම් දෙයි. කොළඹ දැනට විදුලිය කැපීමක් සිද්ද වෙලා නැත්තේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාර ගනනාවක් එක්ක සාකච්චජා කරලා ඒ අයගේ විදුලිබල යන්ත්‍ර යොදවන නිසා කොළඹට යම් සහනයක් දෙන්න පුලුවන් වෙලා තිවෙනවා. ආණ්ඩුවේ ආයතනයත් එකට එකතුවෙනවා නම් ඒ සහනය වැඩි කරගන්න පුලුවන්"