සා/පෙළ ප්‍රතිඵල අද පෙරවරුවේ

සා/පෙළ ප්‍රතිඵල අද පෙරවරුවේ

සා/පෙළ ප්‍රතිඵල අද පෙරවරුවේ

කර්තෘ Staff writer

28 Mar, 2019 | 6:25 am

COLOMBO (News 1st) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල ලේඛන සකස් කර අවසන් බවයි.

ඒ අනුව අද දහවල්වීමට පෙර ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට නිකුත් කරනු ඇති.

විභාග අපේක්ෂකයින්ට www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 656,641 ක්.

පසුගිය දෙසැම්බර් මස 03 වැනි දා විභාග මධ්‍යස්ථාන 4661 කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]