ඇෆ්ගනිස්ථානය සමග සිරකරු හුවමාරු ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරු හුවමාරු ගිවිසුමක්

by Staff writer 28-03-2019 | 5:17 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සිරකරු හුවමාරු ගිවිසුමක් ඇති කර ගැනීමට අවධානය යොමුව තිබේ. ඒ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අෂ්රෆ් හයිදායි මහතා අතර පැවති හමුවකදී ය. මෙරට බන්ධනාගාරවල සිටින ඇෆ්ගනිස්ථානු සිරකරුවන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර අගය කරන බව ඇෆ්ගනිස්ථානු තානාපතිවරයා එහිදී සඳහන් කළේ ය. ඒ අනුව ඉදිරියේදී දෙරට අතර සිරකරු හුවමාරු ගිවිසුමක් ඇති කිරීම සම්බන්ධ මූලික කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.