“මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි රටේ ප්‍රශ්නයක්…” – ජනපති

“මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි රටේ ප්‍රශ්නයක්…” – ජනපති

“මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි රටේ ප්‍රශ්නයක්…” – ජනපති

කර්තෘ Staff writer

28 Mar, 2019 | 9:31 am

COLOMBO (News 1st) – ගාල්ල, රූමස්සල බොනවිස්ටා ජාතික පාසලට වසර 200 ක් සැපිරීම වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ පැවැත්විය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමන් විද්‍යාලයේ ස්මාර්ට් පන්ති කාමර වෙත ගොස් සිසුන්ගේ ක්‍රියාකාරකම් ද නිරීක්ෂණය කළේ ය.

ජනපති,

දරුවනේ ඔබ විභාග සමත්වෙනවා වගේම ජීවිතය සමත්වීමේ විභාගය බොහොම ප්‍රබලයි අද. මත්ද්‍රව්‍යවලින් සමාජය වෙලාගන තියනවා. සංචාරක ව්‍යාපාරයේ වඩා යහපත් තත්ත්වය වගේම සංචාරක ව්‍යාපාරයේ සෑම දේකම තියන හොඳ නරක වගේම, අයහපත් තත්ත්වයත් බොහොම බලපා තිබෙනවා. විශේෂයෙන්ම අද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරන්නට විශ්වවිද්‍යාල ඇතුලට ගිහිල්ලා, මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා දෙනවා. හෙරොයින්, හෂීෂ්, කොකේන්, අයිස් කියන නීති විරෝධී මත්ද්‍රව්‍ය, ඒ නිසා මේ ප්‍රබල සමාජ ප්‍රබල අභියෝගය මත්ද්‍රව්‍ය නිසා දරුවනේ ඔබ සහ ජාතිය විනාශ කරන්න, මත්ද්‍රව්‍ය අද ප්‍රබල වෙලා තියනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නයට සෑම කෙනෙක්ම අත ගහන්න ඕනේ. සෑම කෙනෙක්ම අත්වැල් බැඳගන්න ඕනේ. මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි දරුවනේ මේක ඔබේ ප්‍රශ්නයක්. මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක රටේ ප්‍රශ්නයක්.

https://www.facebook.com/NewsfirstSL/videos/2282095762012979/

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]