හෙද හෙදියන්ගේ හදිසි අසනීපෙන්, අසරණ වූ රෝගීන්...

හෙද හෙදියන්ගේ හදිසි අසනීපෙන්, අසරණ වූ රෝගීන්...

by Staff writer 27-03-2019 | 9:24 PM
COLOMBO (News 1st) : ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ​සමිති ක්‍රියාමර්ගය හේතුවෙන් අදත් රෝහල් රැසක කටයුතුවලට බාධා ඇතිවිය. සායන දිනයක් වූවත් ප්‍රමාණවත් හෙද නිලධාරින් රෝහල තුල නොසිටීමෙන් බොහෝ පිරිසකට නැවත නිවෙස් බලා යාමට සිදු විය. මේ අතර මාදම්පේ රෝහලේ හෙද නිලධාරීන් පිරිසක් සාමාන්‍ය අදුමින් සේවයට පැමිණ අත්සන් නොතබා සිය රාජකාරියේ නිරතවූහ. කරාපිටිය , මාතර රෝහල්වලද හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක විය. කුරුණෑගල හා මහනුවර රෝහල්වලද මෙම වෘතීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුවද අප වාර්තාකරුවන් පැවසුවේ රෝහල් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම ලෙඩ නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කලේ අනතුරු දීමනාවක් වශයෙන් රුපියල් 10.000 ක දීමනාවක් ලබාදීම, නිළ ඇදුම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. සෙනසුරාදා දින රාජකාරී සදහා දීමනා ලබාදීම, අවලංගු කල මාණ්ඩලික තත්ත්වය නැවත ලබාදීම සහ වසර 5 ක සේවා කාලයකින් දෙවන ශ්‍රේණියට උසස් කිරීම යන ඉල්ලම්ද ඒ අතර වේ. https://www.youtube.com/watch?v=iJQMjTG91eo