නීල් බණ්ඩාර චෝදනාවලින් නිදහස්

ලිට්‍රෝ හිටපු අධ්‍යක්ෂ නීල් බණ්ඩාර චෝදනාවලින් නිදහස්

by Staff writer 27-03-2019 | 9:37 PM
COLOMBO (News 1st) : ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේ පවරා ඇති නඩුවෙන් එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ  නීල් බණ්ඩාර හපුහින්න මහතා නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේ ය. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව චෝදනාවලින් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය නිතුක් කරමින් අධිකරණය මෙම පියවර ගත්තේ ය. ඒ අනුව නීල් බණ්ඩාර හපුහින්න මහතා පමණක් නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ අතර සෙසු විත්තිකරුවන් තිදෙනාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවමින් ඉදිරියට පවත්වාගෙන යාමට නියෝග කළේ ය. නඩු විභාගය ලබන මැයි මස 06 වැනිදාට කල් තැබිණ.