ලංගමයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට අනුමැතිය

ලංගමයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

by Staff writer 27-03-2019 | 11:21 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට සුඛෝපභෝගී බස් රථ 37ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ය. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ සේවා අවශ්‍යතා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් 20ක් මිලදී ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි විය. ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුවේ මූල්‍ය සහය මත මෙම මිලදී ගැනීම සිදු කරනු ඇති. දුම්රිය සේවය වර්තමාන තාක්ෂණයට උචිත පරිදි පරිවර්තනය කිරීම මෙහි අරමුණයි.