ජිනීවා වාර්තාවට අත්සන් තැබීම පිළිගනනේ නැහැ - ජනපති

ජිනීවා වාර්තාවට අත්සන් තැබීම පිළි නොගන්නා බව ජනපති කියයි

by Staff writer 27-03-2019 | 6:03 PM
COLOMBO (News 1st) : මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සම වගකිම් දරමින් ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් තැබීම පිළිනොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
"පහුගිය පෙබරවාරි 25 වැනිදා මේ රජයේම පාර්ශ්වවල තිබෙන වැරදි තීන්දු තීරණ නිසා. අපි සම වගකිම් භාර ගැනීමේ ප්‍රතිපත්තියකට පෙබරවාරි 25 වනදා ජිනීවාහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා අත්සන් කළේ, මගේ කිසිදු අනුදැනුමක් නොමැතිවයි ඒ මේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශය දන්නේ නෑ විදේශ ලේකම්වරයා දන්නේ නෑ රටේ විදේශ ප්‍රතිපත්තිය ජත්‍යන්තර සබඳතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳව වගකිම තියෙන්නෙ ජනාධිපතිවරයාගේ මිසක් ඉන් පහළ අයගේ නොවෙයි මම සම්පුර්ණයෙන් ම මගේ විරෝධය පළ කරනවා වගේම ඒ අත්සන් කිරීම ම ප්‍රතික්ෂේප කරනවා. ජිනීවා කොමිසමට යැවිමට නියමිතව තිබුණ නියෝජිත පිරිස මම වෙනස් කලා නියොජිත පිරිස එත් මම නොදැනුවත්ම මා සමග සකච්ජා නොකර හදාගෙන තිබුණ ඒ නියෝජිත පිරිස රජයේ නිලධාරියෙක් නොවන කෙනෙක් මෙහෙන් සංහිඳියා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ලිපියක් අත්සන් කරලා ජිනිවා කාර්යාලයේ තනාපතිවරයාට යවලා ඒ අනුව තමයි පහුගිය 25 වනදා මේ අත්සන් කිරිම කරනු ලැබුවේ. ඒය මම දකින්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව පවා දිමක් හැට්යට මම එය දකින්නේ ශ්‍රි ලංකා රජය හා ශ්‍රි ලංකා ජනතාව පවා දිමක් හැටියටයි මම එය දකින්නේ, තිලක් මාරපන මහත්තයා ජිනීවා සමුළුවේ කරන ලද කතාව අපි ලියලා එතුමට දුන්නා ගිහිල්ලා මෙන්න මේකයි කතා කරන්න ඔනි කියලා.ලොකු පොල් ගෙඩි අකුරෙන් දාලා තිබුණා අධිකරණය පිළිගන්නේ නැත කියා විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා කියලා. ඒ කාරණාව අපි දැම්මේ අපි සාකච්ඡා කරලා අපි හදපු ලියවිල්ලේ.නමුත් ඔය විදිහේ කතාවක් නෙමෙයි කරන්න නියමිතය තිබුණේ"
ජනාධිපතිවරයා මේ බව පැහැදිලි කළේ, අද මීගහතැන්න නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි. පසුගිය දා ජිනීවා මානව හිමිකම් කවුන්ස්ලයේදී ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දක්වමින් බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් යෝජනාවක් සම්මත කරගත්තේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ජිනීවා වාර්තාවේ ඇති නිවැරදි දේ පිළි ගන්නවා සේම එහි ඇති වැරදි දේ කිසිසේත් ම පිළිනොගන්නා බවයි.
"මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කරන ප්‍රකාශවල තිබෙන හරි දේ පිළිගන්නවා වගේම එහි තිබෙන වැරදි දේ අපි රජයක් විදිහට කිසිසේත්ම පිළිගන්නේ නැහැයි කියන කාරණයත් මම කියන්න ඕනේ"
එමෙන්ම උතුරු වැසියන්ගේ ඉඩම් නිදහස් කර දී නොමැති බවට මානව හිමිකම් කොමසාරිස්වරියේ වාර්තාවේ සඳහන් ව ඇති කරුණුවලට පදනම් වී ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධානවල අසත්‍ය තොරතුරු බවට තමා විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා පැවසී ය.
"මානව හිමිකම් කොමසාරිස්වරයගේ මෙවර වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා උතුරේ නැගෙනහිර යුද්ධය පැවති ප්‍රදේශවල ආරක්ෂක හමුදා විසින් සිය හමුදා කඳවුරු පවත්වාගෙන යෑම සඳහා භාවිතයට ගන්නා ලද යුද්ධය පැවති ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් නිදහස් වෙලා නැහැ.ඒ නිසා ඒවා නිදහස් කරන්න ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්න කියලා කොමිසමේ කොමසාරිස්තුමියගේ වාර්තාවේ තියෙනවා .ඒ අදහස ප්‍රකාශ කරන්න හේතු වෙන්න ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන විසින් දී ඇති ඉතාම වැරදි තොරතුරු නිසා වෙන්න ඇති කියලා මම විශ්වාස කරන්නේ"
තවද කිසිදු ස්වාධීන කොමිෂන් සභා රට තුළ ස්ථාපනය කිරීමට තමා සූදානම් නොමැති බව ත් විදේශීය විනිසුරුවන්ට මෙරට නඩු විභාග කිරීමට කිසිදු අවසරයක් නොදෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
"අපි ස්වාධීන කොමිෂන් සභා කිසිවක් පත් කරන්නේ නැහැ කොහෙන්වත් කියන ඒවාට , අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන දේවල් විතරයි කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කරන්න ලෑස්තිත් නැහැ. කරන්නේත් නැහැ කියලා පැහැදිලිව කියන්න ඕනේ. මම කිව්වා විදේශීය විනිශ්චකාරවරුන්ට මේ රටේ නඩු විභාග කරන්න කොහෙත්ම මම සූදානම් නැහැ කියන එක" මේ අතර අද නිවේදනයක් නිකුත්කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පැවසුවේ තම වාර්තාවේ දත්තවල නිවැරදිභාවය වෙනුවෙන් පෙනී සිටින බවයි. ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සමග කළ සාකච්ඡාවේ කරුණු බරපතළ ලෙස විකෘති කරමින් ශ්‍රී ලංකාවේ පුවත්පතක කරුණු වාර්තාකර තිබූ බවයි. සඳුදා ප්‍රසිද්ධ වූ පුවත්පත් වාර්තවේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ ඇතැම් කරුණු කිසිසේත් පිළිගත නොහැකි බවට වාර්තාකර තිබූ බව ඇය සඳහන් කර තිබේ. මහ කොමසාරිස්වරිය පවසන්නේ එය සත්‍යය නොවන බවයි. https://www.youtube.com/watch?v=oN-mVAwEN30