කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 27-03-2019 | 3:22 PM
COLOMBO (News 1st) : ලබන 30 වැනිදා සෙනසුරාදා පෙරවරු 9 සිට පසුදා පෙරවරු 9 දක්වා පැය 24 ක් කොළඹ මහනගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. විදුලිය විසන්ධි කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. කොළඹ , දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පැවසුවේ, අදාළ කාලය තුළ කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රදේශවලට මෙන්ම සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ද ජල සැපයුම අත්හිටුවන බවයි.