නදීමාල් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරේ

අමල්ගේ පුත් නදීමාල් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කෙරේ

by Staff writer 27-03-2019 | 9:57 AM
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ් සමග ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායක නදීමාල් පෙරේරා හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර දිවයිනට පිටුවහල් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔවුන් අද අලුයම ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි බව ය. නදීමාල් පෙරේරාගෙන් හා ලලිත් කුමාර යන අයගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. දැනට ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මේ අතර ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස හෙට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.