by Staff writer 26-03-2019 | 8:29 PM
COLOMBO (News 1st) - මධ්‍යම කඳුකරයට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇද හැළෙන තෙක් දිවයින පුරා වරින් වර විදුලිය කප්පාදු කිරීමට සිදු වන බව විදුලිබල මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ, මෙම අර්බුදය අවම කර ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීමකට යොමු විය යුතු බව ය.
අද වන විට මෙරට දෛනික විදුලිය ඉල්ලුම ගිගාවොටි පැය 47 දක්වා ඉහළ ගොස් තිබිණි.
ඉල්ලුම ඉහළ යෑමට අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම එක් හේතුවක් බව විදුලිබල මණ්ඩලය පවසයි.
මණ්ඩලය පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් සාමාන්‍ය දිනවලට වඩා ගිගාවොට් පැය 4ක පමණ අමතර විදුලි ඉල්ලුමක් මේ දිනවල පවතින බව ය.
මේ වන විට ජල විදුලි නිෂ්පාදනය ගිගාවොටි පැය 5කට පමණ සීමා වී ඇති අතර තාප විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 38 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර 2014 වසරේ සිට ජනනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ත සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ මේ නිසා මෙවැනි අර්බුද මතු වී ඇති බව ය.
කෙසේ වෙතත් මෙම විදුලිය අර්බුදය සඳහා ස්ථීර විසඳුමක් ලබන 29 වන දා පාර්ලිමේන්තුවේදී ලබා දෙන බව රවි කරුණානායක මහතා සඳහන් කළේ ය.