ගාමිණි රත්නසිරිට, අධි චෝදනා ගොනු කරන්නැයි නියෝග

ලංකා සතොස හිටපු සමාන්‍යාධිකාරී ගාමිණි රත්නසිරිට එරෙහිව අධි චෝදනා ගොනු කරන්නැයි නියෝග

by Staff writer 26-03-2019 | 5:02 PM
COLOMBO (News 1st) - ලංකා සතොස සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ ගාමිණි රත්නසිරි පෙරේරා මහතාට එරෙහිව අධි චෝදනා ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා කොළඹ වංචා විමර්ශන අංශයට නියෝග කළේ, පොදු දේපළ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගන්නා ලෙස ය. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධියක් ඇති බවට ව්‍යාජ සහතිකයක් ඉදිරිපත් කර ගාමිණි රත්නසිරි මහතා එම තනතුරට පත්ව තිබීම මීට හේතුවයි. ඔහුට අදාළ වැටුප් ගෙවා ඇත්තේ, රජයෙන් බැවින් පොදු දේපළ පනත යටතේ නඩු පැවරිය යුතු බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය. මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට දැනුම් දුන්නේ, සැකකරු සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ අවසන් වාර්තාව මැයි 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය. ගාමිණි රත්නසිරි මහතා අදාළ චෝදනාවලට වරද පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.