මාලිංගට IPL ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙයි

මාලිංගට IPL ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දෙයි

by Staff writer 26-03-2019 | 9:22 PM
COLOMBO (News 1st) - එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ලබා දෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළේ ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම තෝරා ගැනෙන්නේ, ඉදිරියේදී ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වන ක්‍රීඩකයින් අතරින් බව ය. ඒ අනුව තමා අයි.පී.එල්. තරගාවලියට සහභාගී නොවී එම අන්තර් පළාත් තරගාවලියට සහභාගී වන බවට මාලිංග විදෙස් වාර්තා වෙත පවසා තිබිණි. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අයි.පී.එල්. තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රීඩකයින් සමග තරග අත්දැකීම් ලැබෙන නිසා මාලිංගට අයි.පී.එල්. තරගාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා දීමට තීරණය කළ බව ය.