ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්...

ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්...

by Sagarika Chathumali 26-03-2019 | 7:37 AM
COLOMBO (News 1st) : තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කළ සිය සතුරන්ට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ, 2016 වසරේ පැවති ජනාධිපතිවරණය ජයගැනීමට ඔහු රුසියාවෙන් සහය ලබාගෙන නැතැයි ඊයේ විමර්ශන වාර්තාවෙන් හෙළි වූ පසුවයි . කිසිඳු ජනාධිපතිවරයකු එවැනි අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගනිමින් විමර්ශනයට භාජනය විය යුතු නැතැයි ද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. එම වාර්තාවෙන් ජනපති ට්‍රම්ප් 2016 වසරේ ජනාධිපතිවරණ සමයේ රුසියාව සමග කුමන්ත්‍රණය නොකල බව කියැවෙන නමුත් ඔහු නීතිය කඩකර නැතැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ද කියැවේ. අමෙරිකානු නීතිපති විලියම් බාර් සඳහන් කළේ, ජනපති ට්‍රම්ප්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි සොයාගත නොහැකි වූ බවයි .