ගෝඨාභය ගොනු කළ රීට් ආඥා පෙත්සම සලකා බැලීම මැයි 6

ගෝඨාභය ගොනු කළ රීට් ආඥා පෙත්සම මැයි 6 සලකා බැලීමට අභියාචනාධිකරණයෙන් නියෝග

by Staff writer 26-03-2019 | 4:53 PM
COLOMBO (News 1st) - නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 06 වන දා කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය. ඒ, රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේ ය. සිය නීතිඥවරුන් විසින් විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් විශේෂ මහාධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ. පෙත්සම මැයි මස 06 වන දා යළි සලකා බැලීමට නියමිත ය.