කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

by Staff writer 26-03-2019 | 3:24 PM
COLOMBO (News 1st) - අද රාත්‍රී 9.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පැය 09 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 13 , 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව එම කාල සීමාව තුළ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. හදිසි හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මීට හේතුවයි.