සරසවි සිසු විරෝධතාවක් නිසා අද ත් කොළඹ ගමනා ගමනයට බාධා

by Staff writer 25-03-2019 | 7:21 PM

COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අදත් විශ්වවිද්‍යාල සිසුන් කොළඹදී විරෝධතාවක නිරත විය.

මේ හේතුවෙන් අද පස්වරුවේ කොළඹ කොටුව හා ඒ අවට පැවතියේ දැඩි රථ වාහන තදබදයකි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ මෙම විරෝධතාව ආරම්භ වූයේ, කැලණිය විශ්වවිද්‍යාලය අසළිනි. පිරිස බේස්ලයින් මාර්ගය ඔස්සේ පිටකොටුව දක්වා පැමිණියහ. විශ්වවිද්‍යාලවල පවතින ගැටලු විසඳීමට කටයුතු නොකිරීම, ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පැවැති මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව අවට අද පස්වරුවේ පැවතියේ දැඩි රථ වාහන තදබදයකි.