ශිෂ්‍යත්ව විභාගය අහෝසියි - ජනපති

ශිෂ්‍යත්ව විභාගය අහෝසියි - ජනපති

by Staff writer 25-03-2019 | 8:53 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පොළොන්නරුවේදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය. මෙය නම් කර ඇත්තේ, මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය නමිනි. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 170 ක් වේ.