වලපනේදී බසයක් ප්‍රපාතයකට පෙරළී 40ක් රෝහලේ...

වලපනේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 40ක් රෝහලේ...

by Staff writer 25-03-2019 | 7:19 AM
COLOMBO (News 1st) : වලපනේ මහඌව මහවංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 40 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. වලපනේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි, වෛද්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, බරපතළ තත්ත්වයෙන් පසුවූ දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි. ඊයේ රාත්‍රී 7.30 ට පමණ එලෙස අනතුරට ලක්ව ඇත්තේ නුවරඑලියේ සිට අම්පාර බලා ධාවනය වූ බස් රථයකි. අම්පාර උහන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අනතුරට ලක්ව තිබේ.