නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 5.5ක් මුල් හිමිකරුවන්ට

යුද හමුදාව භාරයේ පැවති තව ත් ඉඩම් අක්කර 5.5 ක් අද මුල් හිමිකරුවන්ට

by Staff writer 25-03-2019 | 4:53 PM

COLOMBO (News 1st) - නැගෙනහිර පළාතේ යුද හමුදාව භාරයේ පැවති තව ත් ඉඩම් අක්කර 5.5 ක් අද මුල් හිමිකරුවන්ට ලබාදී තිබේ.

යුද හමුදාව සඳහන් කළේ, කල්මුණේ පෙරියනිලාවේලී ප්‍රදේශයේ අක්කර භාගයක පුද්ගලික ඉඩම් හා කුච්චිවේලි, තිරියාය ප්‍රදේශයේ අක්කර 03 ක පුද්ගලික ඉඩම් මෙලෙස භාර දුන් බවයි. මීට අමතරව තිරුක්කෝවිල් ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර 02 ක් ද නැවත භාරදී ඇත. යුද හමුදාව පැවසුවේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ලෙස මෙම ඉඩම් නිදහස් කළ බවයි.