මහ බැංකුවේ හිටපු නි. අධිපතිවරයෙක් අත්අඩංගුවට

Update : අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නි. අධිපති හා PTL අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළිකෙරේ

by Sagarika Chathumali 25-03-2019 | 8:07 AM
COLOMBO (News 1st) : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් නම් හෙළි කර තිබේ. 1. පත්තිනිගේ සමරසිංහ (මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ) 2. පුෂ්ප ගුණවර්ධන (PTL අධ්‍යක්ෂ) 3. චිත්‍රා රංජන් හුළුගල්ල (PTL අධ්‍යක්ෂ) 4. මුතුරාජ සුරේන්ද්‍රන් (PTL අධ්‍යක්ෂ) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ගේ නිවෙස්වලදීයි.
COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිරි මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඒ බව තහවුරු කළේ ය.