by Staff writer 25-03-2019 | 2:10 PM
COLOMBO(News 1st) : කටුගස්තොට, ගොහාගොඩ කසළ කන්දේ බටහිර බෑවුමෙහි ඊයේ පස්වරුවේ ඇති වූ නායයෑම් තත්ත්වය තවමත් සක්රීය බව වාර්තා වේ.
ගොහාගොඩ කසළ කන්ද මීටර් 70 පමණ උසකින් යුක්තයි.
මේ වන විට එහි බටහිර බෑවුමෙහි නාය ගිය කොටස මහනුවර මහනගර සභාවේ බැකෝ යන්ත්ර යොදා ඉවත් කරමින් තිබෙන බව අප වාර්තාකරු පැවසී ය.
ඔහු ප්රකාශ කළේ, නාය යෑමට ලක්වූ ස්ථානයේ සිට මීටර් 10 ක් පමණ දුරින් නිවාස පිහිටා ඇති අතර ජනතාව තවමත් එම ස්ථානවල රැඳී සිටින බවයි.
වසර ගණනාවක සිට පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද ඊට මෙතෙක් නිසි විසඳුමක් නොලැබුණු බව ප්රදේශවාසීහු සඳහන් කළහ.