ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 25-03-2019 | 6:19 AM

දේශීය පුවත්...

1. වලපනේ මාරක අනතුරකින් 60කට තුවාල: වලපනේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. 2. දකුණු මුහුදේ හෙරොයින් ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්ව… : අද උදෑසන දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 107යි ග්‍රෑම් 22 මෙරට සිටින හෙරොයින් ජාවාරම්කරුවෙකුට ලබා දීම සඳහා රැගෙන එමින් සිට ඇති බව හෙළිවී තිබේ. 3. වත්තල රෙදිපිළි අලෙවිසලක ගින්නක් : අද රාත්‍රියේ වත්තල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවිසලක ගින්නක් හටගැනිණ. 4. සෑම දිනකම උදෑසන සහ සවස් කාලයේ විදුලි කප්පාදුවක් :දෛනිකව උදෑසන සහ සවස් කාලයේ පැය කිහිපයක කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 5.  අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තව ත් ලිපි ගොනු කිහිපයක් සිංගප්පුරුවට : හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ තව ත් ලිපි ගොනු කිහිපයක් සිංගප්පුරුව වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් පුවත්...

1. බ්‍රෙක්සිට් සඳහා නව ජනමත විචාරණයක් ඉල්ලා ලන්ඩනයේ විරෝධතාවක් : බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් යළිත් වරක් ජනමත විචාරණයක් පවත්වන ලෙස ඉල්ලා මධ්‍යම ලන්ඩනයට රැස් වූ පුද්ගලයන් දහස් ගණනක් විරෝධතා පා ගමනක නිරත විය.

ක්‍රීඩා පුවත්...

2. හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගනී : හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය අද ජය ගත්තේ ය.