මත්ද්‍රව්‍ය වැටලීම අප්‍රේල් සිට පුළුල් කෙරේ

කොළඹ මත්ද්‍රව්‍ය වැටලීම අප්‍රේල් 03 වැනි දා සිට පුළුල් කිරීමට පියවර

by Staff writer 25-03-2019 | 4:06 PM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන මස 03 වැනි දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ, ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ශක්තිමත් අයුරින් එම වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැකසුම් කර ඇති බවයි. හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.