කඩුවෙල - බියගම මාර්ගය තාවකාලිකව වසා දැමේ

කඩුවෙල - බියගම මාර්ගය හෙට සිට තාවකාලිකව වසා දැමේ

by Staff writer 25-03-2019 | 5:17 PM

COLOMBO (News 1st) - කඩුවෙල සිට බියගම දක්වා මාර්ගය හෙට සිට ලබන 29 වැනි දා දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ, කඩුවෙල පාලමේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි. එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. විකල්ප මාර්ග වශයෙන් අධිවේගි මාර්ගයේ ගුවන් පාලම භාවිතා කළ හැකිය.