හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන නෞකාවක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 600 ක් ප්‍රවාහනය කළ ඉරාන නෞකාවක් ආරක්ෂක අංශ භාරයට

by Staff writer 24-03-2019 | 10:41 AM

COLOMBO (News 1st) - හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකිනි. පොලීසිය සඳහන් කළේ, හෙරොයින් තොගය සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි. මෙම නෞකාවේ හෙරොයින් කිලෝග්‍රෑම් 600 ක් පමණ තිබූ බවට විශ්වාස කෙරේ. වැටලීම සිදු කරන අවස්ථාවේ නෞකාවේ සිටි පුද්ගලයින් හෙරොයින් ඇසුරුම් කඩා කොටසක් මුහුදට දමා ඇති බව ද පොලීසිය පැවසුවේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ වරායට රැගෙන ඒමට නියමිතයි.