අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද

by Hashini De Mel 24-03-2019 | 7:24 AM

තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද ජොහැන්ස්බර්ග‍හිදී පැවැත්වේ.

කෙසේ වෙතත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සමත් වුනේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 තරගය සඳහා ක්‍රීඩා කළ සංචිතයම අද තරගය සඳහා ක්‍රීඩා කරනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ, ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම හා අසිත ප්‍රනාන්දු අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවයි. ඒ, අවිශ්ක ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩෙසී වෙනුවටයි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.00 ට ආරම්භවීමට නියමිත වේ.